MENU

Fun & Interesting

වස්සානය - රත්න ශ්‍රී විජේසිංහ | සිංහල සාහිත්‍යය(සාමාන්‍ය පෙළ) - Wassanaya - Rathna Sri Wijesinghe

Maths Crew 10,481 lượt xem 8 months ago
Video Not Working? Fix It Now

රත්න ශ්‍රී විජේසිංහ (උපත 1953 ජුනි 2) සම්මානලාභී ශ්‍රී ලාංකික ගීත රචකයෙකි. 80 දශකයේ පුරෝගාමී කවියකු වූ මොහු සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට මෙන් ම සිංහල ගීත ක්ෂේත්‍රයට වඩා ප්‍රබල නිර්මාණ දායකත්වයක් සැපයූ ගී පද රචකයෙකි. සම්භාව්‍ය සාහිත්‍යය තුළින් ලත් ශික්ෂණයත් ජන සාහිත්‍යයෙන් උකහාගත් හෘදයග්‍රාහී බවත් එක්තැන් වූ සංයමශීලී ප්‍රබල කවියකු ලෙස මොහු සහෘදයාට සමීප වෙයි. රත්න ශ්‍රී විජේසිංහන් විසින් රචිත "වස්සානය" නම් නිර්මාණ කෘතිය සාමාන්‍ය පෙළ සිංහල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබේ. පාසල් සිසුන්ගේ මතක තබා ගැනීමේ පහසුව සඳහාත් රසාස්වාදය පිණිසත් මේ වීඩියෝව නිර්මාණය කර ඇත.

පද පේළි :

ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට

සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර                                    
දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි මොණරුන්ට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට

වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස

Suno AI
©Maths Crew - 2024

@Maths Crew is the educational YouTube Channel. You can get lessons , papers , activities in this channel and our social medias. Search Maths Crew in youtube. You can join us on facebook , instagram , twitter and telegram.

🟩 Web - https://www.mathscrew.lk

🟧 Whatsapp channel - https://whatsapp.com/channel/0029VaDpnLAAYlUL6Ta4Wo1F

🟪 Instagram - https://instagram.com/maths_crew_yt?utm_

🟦 Join us on telegram - https://t.me/+SJuC78dqQSJJLu1j

🟥 YouTube - https://youtube.com/channel/UCrBzMpy0C8kRGCfjRG-F__A

🟨 Facebook page - https://www.facebook.com/mcyt.edu

Subscribe Maths Crew YouTube channel
Like , share & comment videos .
-----------------------------------------------------------------------
Thank you for watching !
We will join next videos quickly.
Good Bye!
#mathscrew #sinhala #wassanaya #literature

Comment