සෙනරත් පරණවිතාන මහතා පරිවර්තනයකළ කුරුටු ගී වල කසුබ් නොහොත් කාශ්‍යප හිමියන් ගැන සදහන් වේ .
314. මියන රිසින් ගිරිබිතැ(විත්) හෙළිල්ලබුයුන් ඇජැ තබයි පිළිබිබ් තා ගි(ය) එක් (නො) වි තමා ගෙට් කසුබ් පැවී(ජ්ජෙමි)
350. නෙළියැ වැසි කසැබ හිමියන් ගෙ ලෙණ්සිව්මි මය් ගී
සිරිගිරි , සිහිගිරි වැනි වදන් වලින් හෝ කුරුටුගි වල කිසිම සදහනකින් මෙහි සිංහ පාදයක් හෝ සිංහ ද්වාරයක් තිබු බව සදහන් නොවේ.
වංශ කතා අනුව, දෙවැනි පෑතිස් රජු ගේ සොයුරු මහානාග මාගම රජවී ඇත. එම වකවානුව තුල මහානාග රජු රුහුණේ විහාරයක් කර ලාලට් ධාතුන් වහන්සේ එහි තබා වන්දනාමාන කලබව සදහන්ය. එය නාග විහාරය නම් වේ. මහානාග රජු මෙම ලලාට දාතුව ලබාගන්නේ ලක්පොලාවේ ඇති, කුක්කුට පර්වතය අසල ඇති ස්ථානයක සල් ගසක් පාමුල සිටය. මෙම ධාතුව කුක්කුට පර්වතය අසලට වැඩමවන්නේ කොසොල් රටේ සිට මහාදේව නම් රහතන් වහන්සේ විසින්ය.
ගොතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.
ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ ” කාශ්‍යප තෙරුන් “ගේ සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය .
කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.
පාහියන් සිංහල පරිවර්ථනය
https://drive.google.com/file/d/1pWicXdrptHvVtS2-xSjwpTVht6b3awFH/
පාහියන් ඉංග්‍රීසි පරිවර්ථනය
https://drive.google.com/file/d/1PV-40M9B9lIq0FZq1ChsKhCWTNxvFO69/
හියුන්සාන් සිංහල පරිවර්ථනය
https://drive.google.com/file/d/1JB_7JFfPESxMM8pPerpTt8gNEPo-zCNW/
හියුන්සාන් ඉංගිරිසි පරිවර්ථනය https://drive.google.com/file/d/1wudDVuF0KTMofSnjfiNsEzRZRMRss6Dq/
පූජාවලිය
https://drive.google.com/file/d/1Ul6uAUx1DWH2iD6L7BdD9veqS_2Cf-bV/
එඩ්වඩ් අප්හැම් 1829 දී ලංකාව ගැන ලියු වාර්තාව
https://drive.google.com/file/d/1ixHeQZM-WeV7a0zr16HcMaumeGuPrs4k/