MENU

Fun & Interesting

මාරයා මේ අරන් පැන්නේ කවි ලොවේ අභිමානය යි | මාකඳුරේ අමරසිංහ කිවිඳුන් නිවනින් නිවේවා 🙏

Sriya Hindurangala 53,079 1 year ago
Video Not Working? Fix It Now

ශ්‍රී ලංකාවේ හිටිවන ම කවියේ යුග ගණනාවක් ම නියෝජනය කරමින් වසර හැටකට වඩා හිටිවන ම කවි ක්ෂේත්‍රයේ රැඳුණු, කලාභූෂණ රාජ්‍ය සමිමානය ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලද මාකඳුරේ අමරසිංහ අපේ වැඩිහිටි ප්‍රවීණ ම කවියා මාස තුනක් පමණ රෝගී තත්ත්වයකින් පසුවූ අතර 2023 ඔක්තෝබර් 21 වන දා හදිසියේ ම අපෙන් සමුගත් බව හිටිවන ම රසික ඔබ වෙත කනගාටුවෙන් දැනුම් දෙමු. හිටිවන ම කවි ක්ෂේත්‍රයේ වාර්තා රැසක් හිමි කරගෙන සිටි එතුමා හිටිවන ම කවිය යූටියුබ් හරහා ජනතාව අතරට ගිය පළමු යූටියුබ් හිටිවන ම කවි සංවාදයට ද එකතු වී සිටියේ ය. ලොව පුරා රසික පිරිසක් එතුමාගේ කවි රස විඳි අතර සියලු දෙනාගේ ම ආදර ගෞරවය හිමිකරගෙන සිටියේ ය. මිය යන විට අසූ විය සපිරී මාස තුනක් පමණ ගෙවී තිබිණි. එතුමා අවසන් වරට සහභාගි වූ කවි මඬුව යට්ටෝගොඩ සණස කවි මඬුව වූ අතර එය දැනටත් අපගේ යූටියුබ් නාලිකාවේ විකාශය වේ. මාකඳුරේ අමරසිංහ කිවියාණන්ට උතුම් නිවන් මඟ උදා වේවා! (මේ, ඔක්තෝබර් 22 වන දා පැවති එතුමාගේ අවමංගල උත්සවය අලලා රසික ඔබ වෙනුවෙන් සැකසුණු වැඩසටහනකි.) සූරයා හිටිවන ම කරළිය එකලු කළ රන් නාමය යි වීරයා කවි කිරුළ දැරු හිස දුහුන පෙළ මැව් හීනය යි බාරියාවක් නැතත් සරසවි වෙතින් ලද වරදානය යි  මාරයා මේ අරන් පැන්නේ කවි ලොවේ අභිමානය යි  සලඹ සරසවි සලන තාලෙට වදන් වැල විදුලිය රඟේ  එලඹ කවි සටනකට වන් කල කෙසර සිහ නද එහි නැඟේ දුලබ හැකියා රැසක් පිරිපුන් රසික ලෝකෙ ම කළ අගේ  වයඹ නොව මුළු සක්වලෙත් නැත නියම හපනකු ඔබ වගේ   පොබ කරන කවි අසන දන මන සියලු දෙන වෙත පා දයා  හබයක දි හිටිවන ම නොදිටිමි පැරද පැකිලෙනු බෑ කියා  සබ මැද දි නිසි වයස නොපෙනුණ හිතින් යව්වන හාදයා  ඔබ තමයි කරළියේ හමුවුණු මගෙ හොඳ ම ප්‍රතිවාදියා පවන් පොද සේ සුසුම් ගිලිහී පැරදුණත් මරු අභිමුවේ සවන් පිරි ඒ සොඳුරු කවිකම් අදත් අප ඉදිරියෙ මැවේ නුවන් පියැවී නිහඬ වූවත් ආශ්චර්යය කවි ලොවේ නිවන් දක්නා තුරු ම යළි යළි මුණගැසෙමු අපි හැම භවේ ශ්‍රියා හිඳුරංගල

Comment