🐢 කැස්බෑවා - Turtle 🐢
සාගරයේ වෙසෙන ජීවීන් අතරින් කැස්බෑවා (Chelonioidea) සුවිශේෂී සත්වයෙකි.මෙම සත්ත්වයා සාගරයේ ජීවත්වන උරගයකු ලෙසද හඳුන්වයි. වායුගොලයේ ඔක්සිජන් ස්වසනය කරන සාගරයේ ජීවත් වන මොවුන් වසර දශ ලක්ෂ සියයකටත් ඈත අතීතයේ සිට පරිණාමය වෙමින් වර්තමානය දක්වා ගමන් කර ඇති බව විද්‍යාත්මක සාධක මගින් සනාථ වෙයි. පෘථිවිය මත ජීවත් වන සාර්ථක ජීවී කණ්ඩායමක් ලෙස කැස්බෑවුන් පිළි ගැනේ. මොවුන්ගේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වන බැවින් උදය කාලයේදී සාගරය මතුපිටට පැම්ණ සූර්ය කිරණ මගින් උෂ්ණත්වය වැඩි කර ගනී. මොවුන් පෙනහලු මගින් වාතය ආශ්වාස ප්‍රශ්වාස කරයි. කැස්බෑවන් රාත්‍රිය ගෙවා දමන්නේ අක්‍රියවය. සාගර පත්ලේ ඇති ගුහා හෝ පැලුම් තුළට වී නිදා ගැනීම සිදු කරයි.
👉 මුහුදු කැස්බෑ විශේෂ 🐢
1. දාර කැස්බෑවා
2. ගල්/ වැලි කැස්බෑවා
3. පොතු/ ලෙලි කැස්බෑවා
4. ඔලුගෙඩි කැස්බෑවා
5. මඩ/ බටු කැස්බෑවා
6. කෙම්ප් රිඩ්ලි කැස්බෑවා
7. කොළ කැස්බෑවා
😀 ශ්‍රී ලංකාවේ කැස්බෑවෝ 😀
ඉහත සදහන් කළ කැස්බෑ විශේෂ අතරින් කැස්බෑවුන් වර්ග කිහිපයක් ලංකාව ආශ්රිත වෙරළ තීරයේදී නිරීක්ෂණය කළ හැකි වේ. ලංකාවේ බූන්දල ජාතික උද්‍යානයේ දකුණු සීමාව, බලපිටිය, මන්නාරම දකුණු වෙරළ, නැගෙනහිර කුච්චවේලි සිට කෝකිලායි දක්වා සහ කොඩයිමුඩෙයි සිට කච්චතිවු දක්වා වෙරළ තීරය , යාපනය අර්ධ ද්වීපය කැස්බෑවන් බිත්තර දමන වෙරළ තීරයන් වේ. මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට බිත්තර දැමීම සඳහා පැමිණෙන කැස්බෑවන් වර්ග පහක් හඳුනා ගෙන ඇත.
🐢 ඔලුගෙඩි කැස්බෑවා
🐢 ගල්/ වැලි කැස්බෑවා
🐢 දාර කැස්බෑවා
🐢 බටු කැස්බෑවා
🐢 පොතු/ ලෙලි කැස්බෑවා
👉 දාර කැස්බෑවා - Leatherback Turtle 🐢
දාර කැස්බෑවා තුන්දානි කැස්බෑවා, වවුල් කැස්බෑවා හා දකුණු පළාතේදී නැව් කැස්බෑවා ලෙස ද හැඳින්වෙයි. දාර කැස්බෑවාගේ ප්‍රධාන ආහාරය ජෙලි මසුන්(ලොඩියන්) වේ. ඊට අමතරව මාලු, ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන්, මුහුදු බෙල්ලන් ද ආහාරයට ගනු ලැබේ. දාර කැස්බෑවා ගොදුරු සොයා ගැනීමට කි.මී. දහස් ගණනක් දුර ගමන් කරයි. ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමේ හැකියාව නිසා සීතල සාගරයේ වුවද පිහිනා ගොස් ආහාර සොයා ගැනීමට හැකි වී තිබේ. කැස්බෑ වර්ග අතරින් විශාලම වර්ගය ලෙස දාර කැස්බෑවා හැඳින්විය හැනි අතර මොවුන්ගේ සාමාන්‍ය බර කි.ග්රෑ.600ක් පමණ වේ. දාර කැස්බෑවන් සියයක් පමණ ලංකාව අවට මුහුදු සීමාවේ ජීවත් වේ.
👉 ඔලුගෙඩි කැස්බෑවා - Loggerhead Turtle 🐢
අනෙක් කැස්බෑ වර්ග හා සැසදීමේදී විශාල හිසක් සහිත වීම නිසා ඔලුගෙඩි කැස්බෑවා යන නමින් හැදින්වේ. මීටරයක් පමණ දිගට වැඩෙන ඔලුගෙඩි කැස්බෑවා සාමාන්‍යයෙන් කි.ග්රෑ.180ක් පමණ බරකින් යුතු වේ. ඔලුගෙඩි කැස්බෑවා එකවර බිත්තර 150ක් පමණ දමයි. ඔලුගෙඩි කැස්බෑවාගේ කටුව හදවතක හැඩය ගනී. මෙම ඔලුගෙඩි කැස්බෑවාගේ මාංශ මිනිසුන්ට අහිතකර නිසා මිනිසුන්ගෙන් වන තර්ජන අවම වේ.
👉 ගල් කැස්බෑවා - Green Turtle 🐢
ගල් කැස්බෑවා ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රීන් ටර්ටල් ලෙස හඳුන්වයි. එයට හේතුව මෙම කැස්බෑවාගේ කටුවට යටින් ඇති කොළ පැහැති මේද ස්තරයයි. මෙම මේද ස්තරය සුප් සෑදීමට යොදා ගන්නා නිසා ගල් කැස්බෑවුන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටී. මීටර් 1ක් පමණ දිග ගල් කැස්බෑවා කි.ග්රෑ.180ක් පමණ බරින් යුතු වේ. කුඩා කාලයේ මාංශ භක්ෂක වන අතර වැඩුණු පසු ඇල්ගා ශාක මත යැපෙන ශාක භක්ෂකයින් බවට පරිවර්තනය වේ.
👉 බටු කැස්බෑවා - Olive Ridley Turtle 🐢
කැස්බෑවුන් අතර කුඩාම කැස්බෑ විශේෂය ලෙස බටු කැස්බෑවා හැඳින්වෙයි. දිග සෙ.මී.45ක් පමණ වන අතර උපරිම බර කි.ග්රෑ.10ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ඉඳුරුව, කොස්ගොඩ, රැකව, බූන්දල, යාල ආශ්රිත ප්‍රදේශවල වෙරළ තීරයේදී බටු කැස්බෑවා දැකිය හැක. බටු කැස්බෑවා සාගර ප්‍රදේශය ආසන්නයේ බිත්තර දමයි. බිත්තර මුහුදට ගසා ගෙන යාමේ හැකියාව වැඩි නිසා බිත්තර රැක ගැනීම අපහසු වී ඇත.
👉 පොතු/ ලෙලි කැස්බෑවා - Hawksbill Turtle 🐢
පොතු/ ලෙලි කැස්බෑවා කැස්බෑ පවුලේ ආකර්ශනීයම සාමාජිකයා ය. උකුස්සකුගේ හොටයක් ආනාරයට හිස සැකසී ඇත. මේ හේතුව නිසා පොතු/ ලෙලි කැස්බෑවා හොක්ස් බිල් ටර්ට්ල් ලෙස ද හඳුන්වයි. පොතු/ ලෙලි කැස්බෑවාගේ පිට කටුවේ ඇති ආකර්ෂණය නිසා බොහෝ විට මෙම පොතු/ ලෙලි කැස්බෑවාගේ කටුව ඔප දැමීමෙන් විසිතුරු භාණ්ඩ නිපදවීමට බොහෝ පුද්ගලයෝ පුරුදු වී සිටිති. දීර්ඝ කාලයක් තිස්සේ විසිතුරු භාණ්ඩ නිපදවීමට මෙම සතුන් දඩයම් කිරීම නිසා වර්තමානයේදී මොවුන් දුර්ලභ කැස්බෑ විශෙෂයක් බවට පත් වී තිබේ.
𝙹𝚘𝚒𝚗 𝚠𝚒𝚝𝚑 𝚞𝚜 👇
𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 -: https://www.facebook.com/profile.php?id=100090908872104&mibextid=ZbWKwL
𝐓𝐢𝐤𝐭𝐨𝐤 -: https://www.tiktok.com/@travelwithdumiya?_t=8h0IvD1K4zX&_r=1
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 -: https://www.youtube.com/channel/UC8gDEQY9UXtuP90pySbdvOQ
🤗 "𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐖𝐢𝐭𝐡 𝐃𝐮𝐦𝐢𝐲𝐚" 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 නාලිකාව 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 කරන්න අමතක කරන්න එපා 🤗
❤️ 𝗗𝗼𝗻'𝘁 𝗳𝗼𝗿𝗴𝗲𝘁 𝘁𝗼 𝗳𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 & 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 @𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘄𝗶𝘁𝗵𝗱𝘂𝗺𝗶𝘆𝗮 𝗼𝗻 𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 ❤️
𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐟𝐨𝐫 𝐰𝐚𝐭𝐜𝐡𝐢𝐧𝐠.........!
𝐈𝐟 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐤𝐧𝐨𝐰 𝐦𝐨𝐫𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐭𝐫𝐢𝐩𝐬 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐢𝐬, 𝐬𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐭𝐨 𝐨𝐮𝐫 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐚𝐧𝐝 𝐩𝐫𝐞𝐬𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐥𝐥 𝐛𝐮𝐭𝐭𝐨𝐧 𝐡𝐞𝐫𝐞.
𝐇𝐚𝐯𝐞 𝐚 𝐧𝐢𝐜𝐞 𝐝𝐚𝐲 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞....! 𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤...!!
……………………………………………………………………………………………………………………………………………………
Song: Jebase - Turtle Beach (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • Jebase - Turtle Beach (Vlog No Copyri...
……………………………………………………………………………………………………………………………………………………
#turtle # #ahungalla #babyturtles #shark #onemillionaudition #tourism #travelwithdumiya #youtube #fyp