බුදු රජාණන්වහන්සේ නමකගේ උතුම් ධර්මය ඇසෙන කාලයයි මේ.අප ජීවත් වෙන්නේද තව ටික කාලයයි.අදද හෙටද නොදනී අපගෙ මරණය.මේ ජීවිතේ වරද්ද ගන්න එපා.
ගුණවතුන්ට සිල්වතුන්ට ගරහමින් නින්දා අපහස කරපු හිරිහැර කරපු අය වගේම, අන්‍යන් බොරුවෙන් රවටලා මුදල් හම්බ කරලා එයින් අඹු දරුවන් පෝෂණය කරමින් තමනුත් භුක්ති විඳපු අය ලෝකුඹු නිරයේ ඉපදිලා දුක්ඛ වේදනාවන් විඳිනවා. ඒ වගේම පක්‍ෂීන් මෘගයන් මරාගෙන කාපු අය, අනුන්ගෙන් යම් යම් දේවල් අරගෙන ඒවා නොදී වංචා කරපු අය බොහෝ කාලයක් මේ ලෝකුඹු නිරයේ ඉපදිලා අප්‍රමාණ දුක් විඳිනවා.
පරදාර සේවනය කරපු පුරුෂයොත්, පර පුරුෂ සේවනය කරපු ස්ත්‍රීනුත් දුර්ගන්ධ වේතරණී, කටු ඉඹුල්, ලෝකුඹු කියන නිරයන්වල ගිහින් උපදිනවා. එයට උපමා කථාවක් මේ විදිහට ගෙනහැර දක්වනවා
දවසක් කොසොල් රජතුමා නිදි යහන්නේ ඉන්න විට මහා භයානක ශබ්ද හතරක් ඇහිල නින්දෙන් අවදි වුනා.“දු,ස,න,සෝ” කියන ශබ්ද හතර තමයි මේ විදිහට එතුමාට ඇහුනෙ. මේකට බය වෙච්ච රජතුමා රෑ පහන් වෙන කල් නිදි වර්ජිතව සිට පහුවදා මල්ලිකා දේවියත් සමග මේ ශබ්ද හතරෙන් තමන්ට හෝ රටවැසියන්ට කුමක් හො අනතුරක් සිද්ධ වෙනවද කියල දැනගන්න බුදුන්වහන්සේ හමුවෙන්නට ගියා.
මෙම ශබ්ද හතර ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන් විට මෙයින් ඔබටවත් අග්‍ර මහේසිකාවටවත් රට වැසියන්ටවත් කිසි අනතුරක් සිද්ධ නොවන බවත්, කාම මිත්‍යාචාර පාප කර්මයෙන් ලෝකුඹු කියන නිරයේ ඉපදුන හතර දෙනෙක් තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න යනකොට ඇති වෙචච ශබ්ද හතරක් බවත් රජතුමාට පැහැදිලි කරල, ඒකෙ නිධාන කතාව මේ විදිහට කියල දුන්නා.
ධනවත් සිටු කුමාරවරු හතර දෙනෙක් තමන්ගේ ධනය වියදම් කරමින් කාම මිත්‍යාචාරයේ යෙදීම නිසා, ඒ පාප කර්මයෙන් ලෝකුඹු නිරයේ ඉපදුනා. බත් හැලියක පැහෙන හාල් ඇට උඩ යට යනව වගේ, අවුරුදු තිස් දහසක් තිස්සේ යටට ගිහින් නැවත අවුරුදු තිස් දහසක් විතර කාලයක් ගිහින් අපායෙන් උඩට ඇවිත්, අවුරුදු හැට දහසකට පස්සෙ තමන් කරපු පාප කර්මය ගැන කියන්න හදනකොට, හතර දෙනාටම කියන පුළුවන් වුන්නේ එක අකුර බැගින් විතරයි.නැවතත් ලෝකුඹු නිරයේ යටට පැහි පැහි යන්න සිද්ධ වුනා.
එහෙම කියන්න හදපු අදහස්වල අකුරු හතර තමයි" දු, ස, න, සෝ" කියල නිරි සතුන් හතර දෙනාගෙන් පිට වුනේ. එම නිරි සතුන් පැවසිමට උත්සහ කළ අදහස් ථතාගතයන් වහන්සේ දිවැසින් දැක අර්ත සහිත ගාථා හතරකින් මේ විදිහට කොසොල් මහ රජතුමාට පැහැදිලි කර දුන් සේක.
"දුජ්ජිවිතං අජිවිම්හ
යේ සන්තේ න දදම්හසේ
විජ්ජමානේසු භෝගේසු
දීපං නාකම්ම අත්තනෝ"
අපිට දානාදී පිංකම් කරන්න හැකියාව තිබුන වෙලේ ඒවා කරගත්තෙ නෑ. කාම මිත්‍යාචාරයේ හැසිරෙමින් පවිටු විදිහට ජීවත් වුනා. සැප සම්පත් තියෙත්දි තමන්ට පිහිටක් කරගත්තෙ නෑ.
"සට්ඨිං වස්ස සහස්සානි
පරිපුණ්ණානි සබ්බසෝ
නිරයේ පච්ච මානානං
කදා අන්තෝ භවිස්සති"
මේ ලෝකුඹු නිරයේ ඉපදිලා අවුරුදු හැට දාහක් සම්පූර්ණ වුනා. නිරයේ පැහෙන අපිට මේකෙ කෙළවරක් කවර කාලෙක වෙයිද?
"නත්ථි අන්තෝ කුතෝ අන්තෝ
න අන්තෝ පතිදිස්සති
තදානි පකතං පාපං
මම තුය්හංච මාරිස"
යම් කාලයක අපි බොහෝ පව්කම් කළා. ඒ හේතුවෙන් දුකේ කෙළවරක් නෑ. මේ දුක්වල කෙළවර කවදද සිද්ධ වෙන්නෙ? කෙළවරක් නම් අපිට පේන්නේ නෑ.
"සෝහි නූන ඉතෝ ගන්ත්වා
යෝනිං ලද්ධාන මානුසං
වදඤ්ඟදු සීල සම්පන්නෝ
කාහාමි කුසලං බහුං"
මේ නිරයෙන් මිදිල ගිහින් මිනිස් ලෝකෙ ඉපදිලා සුචරිතව ඉඳීමේ වටිනාකම ලෝකයාටත් කියල දීල සිල්වත්ව වාසය කරමින් බොහෝ පිං දහම් කරනවා.
දු, ස, න, සෝ කියන ශබ්ද හතරේ තේරුම තථාගතයන් වහන්සේ මේ විදිහට පැහැදිලි කරල තියෙනවා. මේ සසර කොතරම් නම් බයානකද. මේ කුමාරවරැ හතර දෙනා මනුස්ස ලොව සිටියදි වැරදි කාමසේවනය නිසා ලබපු ආශ්වාදය මොනතරම් අල්පද අවුරුදු කිහිපයක් ඇතුලත කරගත්තු ඒ අකුසල කර්ම වලට විපාකය ඔවුනට ගෙවා නිම කිරිමට තවත් අවුරුදු දස දහස් ගණනක් මහා දුක් විදිමින් බලාසිටින්නට සිදු වේවි. ඉතිං කෙසේ නම් අපි පවට යොමු වෙන්නද ඔබත් මමත් සැපයි සාරයි කියමින් ගමන් කරන සසර ගමන තමයි මෙය.
ධර්මයෙහි අප්‍රමාදි වෙලා මෙ බයානක සසරින් සදහටම ගැලවි නිදහස් වි යන්න බුදු රජාණන්වහන්සේ නමකගෙ උතුම් ශ්‍රි සද්ධර්මය ඇසෙන අති දුර්ලභ කාලයකි මෙ ගෙවෙමින් යන්නෙ
සියලු සත්වයෝ පවින් මිදි කුසල්ම වඩත්වා...!