1999 වසරේ දී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ එකට ගැටුම ටෙලිනාට්‍යය සුසිරන් ද සිල්වා මහතාගේ අධ්‍යක්ෂණයකි. රාජ්‍ය සේවයේ යෙදෙන්නන් තම සේවය නිසි පරිදි නොකරමින් තම පුද්ගලික න්‍යාය පත්රයකට අනුකූලව ක්රියාවේ යෙදෙන අයුරුත්, තම න්‍යාය පත්රයන්ට අභියෝගයක් වන සියලුම දෙනා වෙනුවෙන් අකුල් හෙලන ආකාරයත් ඉතා තියුණු ලෙස විදහා දැක්වෙන මෙම ටෙලිනාට්‍ය මාලාව එකල ඉතා ජනප්‍රිය වූවකි.
රංගනයෙන් හේමසිරි ලියනගේ, සුමින්ද සිරිසේන, ටෝනි රණසිංහ, ජයලාල් රෝහණ, රංගන ප්‍රේමරත්න, ඥාණාංග ගුණවර්ධන, ඉග්නේෂස් ගුණරත්න, නිලන්ති විජේසිංහ, නිමන්ති පෝරගේ, බන්දුල සූරියබණ්ඩාර, එඩ්වඩ් ගුණවර්ධන, වසන්ත කුමාරසිරි, ඩේෂන් අමරසිංහ, රංජිත් සිල්වා, සරත් චන්ද්‍රසිරි, ඇන්ටන් ජූඩ්, එඩ්නා සුගතපාල, කුසුම් මල්දෙණිය, නිල්මිණි කෝට්ටේගොඩ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වූහ.