ආයුබෝවන්! වනක්කම්! සලාම් වාලෙක්කුම්!..
ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලබා වසර හැත්තෑ දෙකක් ඉක්මව ගියද, වසර තිහක් බැර වන්නේ LTTE ත්රස්තවාදීන්ගේ අඳුරු කාලයටයි. නමුදු අප රට එදා පටන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් බව අප මනසට මේ වන විට කාවද්දන්ට සමත් වූයේ කවුරුන්ද යන්න ඔබ අප සැම දන්නා නමුත් එය පිළිගැනීමට තරම් මානසිකත්වයක් නැති වී ඇත්තේ කිමද යන්න තාමත් විශ්මයජනක තැනකට අප රැගෙන යනු ලබයි.
වර්තමාන ශ්‍රී ලංකා සමාජය තුළ එකිනෙකා චෝදනා කරගනිමින් කල්ලි ගැසී බෙදා වෙන්කර ගන්නට උත්සුක වන්නේ කුමක්ද යන්න ප්රහේලිකාවකි. එහිදී,
-ආගමිකව
-ජාතිකව
-අධ්‍යාත්මිකව
-දේශපාලනිකව
තම මතය හා ස්ථාවරත්වය වෙනුවෙන් ඕනෑම හොඳ වැඩක් සේම නින්දිතම පහත් වැඩක් වුවද කිරීමට මිනිසා කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වේ. මේ සිද්ධි දාමය වෙනස්ම කෝණයකින් බලන අපි තේරුම් ගත් දෙය නම් මෙවැනි තත්වයක් ඇත්තෙන්ම උද්ගත වී ඇත්තේ ධනය හා බලය මුලික කරගනිමින් ඒ අනුව ඇත්තෙන්ම සමාජය මේ වන විට ඉහත මා සඳහන් කළ කල්ලි ගැසීම් වලට බෙදී වෙන්වී සිටියද ඒවාට අයත් සියලුම ශ්‍රී ලාංකිකයන් ඇත්තෙන්ම මුහුණ පා සිටින්නේ ඇති හැකි හා නැති බැරි කියන බෙදීමට පමණකි.
මෙතැන් පටන් අප සූදානම් වන්නේ මේ,
ඇති නැති පරතරය වෙනස් කිරීමටත්,
මිනිසුන් අන්ධ කර දැමූ සමාජ මුලාවන් බිඳ හෙලීමටත්,
ශ්‍රී ලංකාව තුළ ධරිද්‍රතාවය හීන කිරීමට අවස්ථාවක් උදා කිරීමටත්ය.
එහිදී කිසිදු විටෙක අප තවත්,
- සරදියෙල් කෙනෙකු
- රොබින් හුඩ් කෙනෙකු
හෝ බිහි කරන්නේ නැත. අප ඒකායන බලාපොරොත්තුව වන්නේ නැති බැරි මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉතා සරල බවත් ඒවා ඇති හැකි මිනිසුන් විසින් සොයා බලා ඔවුන්ටද මේ සමාජය තුළ වැදගත්කමක් ඇති වන අයුරින් හැසිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම වෙනුවෙන් ඇති හැකි මිනිසුන්ගේ අවධානයට ලක් කිරීමටත්ය.
එහිදී මෙය කියවන ඔබගේ සිතට අනිවාර්යෙන්ම එන අදහසනම් මේ අප සූදානම් වන්නේ නැති බැරි මිනිසුන්ගේ දුක විකුණාගෙන කෑමට යන අදහසයි.
එහෙත් එය එසේ නොව අප උත්සහ කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඇත්තටම මෙවැනි තත්ත්වයක් තිබෙනවාද යන්න සොයා බැලීමටත් එවැනි පැතිකඩ යක් ඇතිනම් ඒවා පෙන්වා දීමටත් ඒ හරහා ඇති හැකි පිරිස්ගේ හැකියාවෙන් එම නැති බැරි පිරිස්ද ඇති හැකි පිරිසක් ලෙසට සමාජානුයෝජනය වීමට අවස්ථාවක් උදා කර දීමටත්ය.
එන්න ඔබත් අප හා අත්වැල් බැදගැනීමට එක්වන්න.
මෙම Facebook Link එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්
https://www.facebook.com/%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-108163390936777/
මේ,
"ඇති හැකි හා නැති බැරි මිනිසුන්ගේ හති වැටුනු ජීවන මග නව පුනරුදයක් කරා ගෙන යන සමාජ මාධ්‍ය අඩහැරය" යි.
තෙරුවන් සරණයි !....
දෙවි පිහිටයි !.....
.................................................................................................................................
Video intro template can be download using Rohit B Youtube channel or following link
https://www.youtube.com/watch?v=U3C-g...
………………………………………………………………………………………………
Type writing music effect can be download using following link
Music :
MNC Music No Copyright Channel all free music to use in your videos
https://www.youtube.com/channel/UCU2R... ✔️ Music No Copyright 🎵
#AthiNathi #HithumatheJiwithe #Sinhala #Rich #Poor #Srilankan #Buddhism #Interview