MENU

Fun & Interesting

සිදුහත් යසෝදරා අතර ඇති වූ සංවාදය kawi bana.nawagaththegama siri sugatha thero .0775861387

Nawagaththegama Siri Sugatha Thero 168,362 lượt xem 2 years ago
Video Not Working? Fix It Now

කවි බණ අහන්න පිවිසෙන්න
නවගත්තේගම සිරිසුගත හිමි කවිබණ පිටුවට - 0775861387
බොදු බැති සිත දහම් සුවඳින් ආලෝකමත් කිරීමට ගන්නා වූ වෑයමයි.. කල්ප ගනනාවක් එකට ආ ගමන් මග ..බුදුවන ආත්මයේ සමුගැනීම...ස්ංවේදී කවි පෙල.
nawagaththegama siri sugatha thero

ඇසල මහේ සද පයා දිලෙන රැයේ...
අසලටවත් නෑවිත් මම යන්න ගියේ...
නිසල සිතින් නොම දුකකුත් තබා ලයේ...
සිසිලක් වන්න ලොව ගිල්වා දහම් දියේ....

සද බැබලෙනා පෝදා මේ ඇසල මහේ...
ලද මව් පදවි සිරියෙන් මුලු මැදුර වැහේ...
තෙදවන් සමිද පුරවාලා කදුලු ඇහේ...
අද වන් දිනක වෙන්වී නික්මුනිද කොහේ..

මැදියම් රැයේ නුබ හිදිනා යහන වෙත...
විපරම් කරා මම ඇවිදින් පාල නෙත...
සැප නින්දකය පුතු රහුල තුරුලෙ ඇත...
කැප කර රාජ සැප ගිහිගෙට තැබුවෙ තිත...

රත් පැහ වලා හිරු බසිනා වෙලාවේ...
සිත්තම් මවා පානව මං මුලාවේ...
සත්‍තයි ඉන්න බෑ මේ සදලු තලවේ...
පුත් කැටි කරන් එන්නද මහ කැලාවේ...

මැද ගන කැලෑ සමිදුනි සෙනෙහස රන්දා...
එදවස පවා තපසට මා ආ හන්දා...
අද පිටවන්න හැදුවම රිසි නැති හන්දා...
සුදොවුන් නිරිදු මුර කාවල් බැන්දා...

ලේන කුලේ සිට අවා ඔබව සොයා...
හින නොදැක පින් කලෙ ඔබ යසොදරා...
මාන බැලුවෙ යන්නට නිර්වානෙ කරා...
දානෙ දුන්නෙ සියල්ල තන්හාවෙ මරා...

ආවා එදා කුමරියො රන් කද ඉල්ලා ...
පෑව සිල්ප මනරම් බූමිය හොල්ලා...
පාවා සරණ දිවියට දුන් සැනසිල්ලා...
වාවා ගන්න බෑ අද කදුලැල් අල්ලා...

අසාර සසරේ හැටි දැක අත්හැරපූ...
විසාල වස්තුව ඔබමයී මා ලබපු...
අසාදරනයී සිදුහත් ලෙස සිතපු...
හැමට සුවය බුද්ධත්වය මා ලබපු...

හංස කුලේ ඉපදී හී වැදුනු වෙලේ...
සදකිදුරිය වෙලත් එක ලෙස ප්‍රේම කලේ...
මියදුනු ඔබටපෙන්නාලා සත්‍ය බලේ...
යලි පන දුන්න මා අද ඇයි ඉවත හලේ...

බෝධිසත්ත පාරමිතා පුරණ කොට...
වීදී බැස්සෙ මා සමගින් පෙමින් සිට...
පීදී සතුට නැති වන බව සසරෙ හෙට
එහිදී ඔබත් දැනගෙන ලන් උයේ මට...

ඉපදී ලේන කුලයේ සිදු වෙච්ච තතු...
වල්ගෙන් සයුර සිදලන්නට පවා සිතූ...
දරු සෙනෙහසේ මහිමය එහි කරපු මතු...
අද ඇ‍යි හැර ගියෙ ඔබෙ රත්තරන් පුතු...

නිකමට හෝ රාහුල පුතු ඇහැරීලා...
එකපාරක් හැඩුවානම් පෙරලීලා..
සැක නෑ ඔබත් අවදිව පුතු නලවාලා...
මකනව තනිය පුතුහට සෙනෙහස පාලා...

අලි කොටි වලස්සුන්ගෙන් හිරිහැරද නොවී...
පිලිවෙත් පුරන්නට රැකවල් දෙන්න දෙවි...
හිමවත් අදික සීතල ඉක්මනෛන් ගෙවී...
ගිම්හානයෙන් රූසිරි නොමකෙන්න දැවී...

වන සිව්පාවුන් රැදෙනා කැලය සැපයී
වන මුල් පල පොතු අහාරයට කැපයි...
වෙන නද රැගුම් සියල්ල මසිතට අකැපයී...
ගුනවත් දේවියෙ මට අවැසිම නිවනයී...

රාහුල පුතුට දායදය දෙන්න මතූ ...
මා එන්නම් බුදුවී ඉදිරියට නෙතූ...
දේවියෙ නැවත වැලපීමයී නොකල යුතූ...
නිවනට යන්න ඔබ සමගින් රහල් පුතූ...

පිරිනිවනින් සදා කාලෙට නිවෙන තුරා...
සම්බුදු පදවි ලබුමට උපකාරෙ කරා...
මෙතුවක් සසර වෙන් නොවෙමින් සසර පුරා..
බිම්බා දේවියය් මා ඔබෙ යසෝදරා...

බොදු බැති සිත දහම් සුවදින් ආලෝකමත් කිරීමට ගන්නා වූ වෑයමකි.
0775861387

Comment