MENU

Fun & Interesting

Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්

Lokewate Sudanthaka 69,741 lượt xem 3 years ago
Video Not Working? Fix It Now

"ගුලිඑල්මෝ මර්කෝනි" ඔයාල අහල ඇති නේද ? වයර් සම්බන්ධතාවයකින් තොරව එක තැනක සිට තවත් තැනකට තරංගයක් යවන්නත් එය ග්‍රහණය කරගන්නත් පුළුවන් කියන අදහස ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියල ලෝකෙ මුලින්ම ආවෙ ජීවිතේ කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ල නැති මෙතුමාගේ හිතට. අහසෙන් එන අකුණු සැර පොළොවේ යම් තැනකට වදිනවනම් අපි කතාකරන දේකුත් තවත් තැනකින් ගන්න බැරිද කියන සිතුවිල්ල එයාට ඇවිල්ල තියෙන්නෙ වැස්ස වෙලාවට අහස දිහා බලාගෙන ඉද්දි. තමන්ගෙ හිතට ආපු ඒ අදහස ක්‍රියාත්මක කරල අද අපි භාවිතා කරන රැහැන් රහිත සියලු තාක්ෂණයන්ගේ මූලාරම්භය ලෝකයට දායාද කල මේ උත්තමයාගේ නිවසට අපි ගිය ගමන ගැන ඉතා රසවත් තොරතුරු රැසක් මෙම වීඩියෝවෙන් බලන්න ❤️

ඉතා වැදගත්
නිකෝලා ටෙස්ලා ගැන හුඟ දෙනෙක් මේකෙ ලියල තියෙන නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. පුනරුද යුගයේ නව සොයාගැනීම් සඳහා තිබුනේ ලොකු තරඟයක්. එකම අදහස ලෝකයේ කිහිප තැනක කිහිප දෙනෙකුට ඇවිල්ල තිබුන අවස්ථා තිබුනා. මාර්කෝනි මේ පර්‍යේෂනය කරල පළමු වරට රැහැන් රහිත සංඣාවක් යැව්වෙ එයාට වයස අවුරුදු 21 දි. වයස 17 ඉඳන් ඉතාලියේ බොලෝනියා කිට්ටුව තියෙන මේ ගෙදරට වෙලා බොලෝනියා විශ්ව විද්‍යාලයට යන එන ගමන් ඔහු දිගටම කරේ එයාගෙ මේ අදහස ප්‍රායෝගික කරන්න මහන්සි උන එක. මේ වගේ පොඩි කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කියල ආරංචි උනාම හුඟක් ප්‍රබල විද්‍යාඥයින්ගේ දැඩි ඊර්ශාවට ලක්වීමේ හොඳම නිදසුන තමයි ටෙස්ලාගේ ක්‍රියාව. බොලෝනියා විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් සහ පොතපතින් හැර මාර්කෝනිට කිසිවෙක්ම පෞද්ගලිකව මීට උදවු කරේ නෑ. අවම වශයෙන් මාර්කෝනිගෙ තාත්තගෙන්වත් කාමරේකට වෙලා අවුරුදු ගණනක් තිස්සේ කරන මේ පිස්සු වැඩ වලට (ඔහු තම පුතාගෙ මේ වැඩ සැළකුවේ පිස්සුවක් විදියට) සහයෝගයක් ලැබුනෙ නෑ. හුඟක් දේවල් මාර්කෝනි කරේ තාත්තට හොරෙන්.
මාර්කෝනි 1895 කල හපන්කමේ පේටන්ට් අයිතිය තමන්ට ඕන කියල ටෙස්ල නඩු දාන්නෙ ඉන් වසර 20 කට පසුව එනම් 1915 දි. ඊට හේතුව රැහැන් රහිතව විද්‍යුත් තරංග යැවිය හැකි බව ටෙස්ලා මාර්කෝනිට පෙර කියා තිබීමයි. ඩයිනමෝ එන්ජිමක නිර්මාතරයා වූ ටෙස්ලට එම අදහස තිබුනට ක්‍රියාත්මක කරල තිබුනෙ නෑ. මාර්කෝනි තම පරීක්ශ්ණ සඳහා ටෙස්ලගේ මෙන්ම හර්ට්ස්ගේද පර්‍යේෂන වල දත්ත උපයෝගී කර ගත්තා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම නව නිර්මාණයක් බිහිකරන්න විවිධ දත්ත සහ පූර්ව පර්‍යේශන වල තොරතුරු අත්‍යාවශ්‍යයි. මාර්කෝනිගේ සොයාගැනීම පාදක කරගෙනයි අද අපි අතිවිඳින මේ සියළූම ආකාරයේ රැහැන් රහිත තාක්ශ්ණීක මෙවළම් සොයාගෙන තියෙන්නෙ. ඒත් මේ හැම තාක්ශණයකම අයිතිකාරයා මාර්කෝනි කියල කවුරුවත් කියන්නෙ නෑනේ. මාර්කෝනි පට්ට හොරෙක් කියන අයට මම කියන්න කැමතියි, පහසුකම් ඉතාම අඩු කුඩා ගම්මානයක ජීවත් වෙමින් කුප්පිලාම්පු එලියෙන් වසර 4 ක් පුරා හිතල හිතල මහන්සි වෙලා වයස අවුරුදු 21 දී ලෝකෙට මේ තරම් අනර්ඝ දායාදයක් ලබාදුන් වීරයෙකුට "හොරෙක්" කියන අය පොඩ්ඩක් අපේ ලංකාව දිහා හැරිල බලන්න "හොරු" කියන වචනයට අදාල අය ලෝකෙ වැඩියම ඉන්නෙ කොහේද ඒ කවුද කියලා.

Facebook : https://www.facebook.com/sudanthakalokewate
Instagram : https://www.instagram.com/LokewateSudanthaka/
Facebook Group : https://www.facebook.com/groups/258798072350671
Facebook Page : https://www.facebook.com/LokewateSudanthaka

#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone

#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Comment