මීදුමෙන් වැසී ගත් කඳු මුදුනේ කදවුරු බිම සැබැවින්ම නෙතට ගෙන ආවේ සොදුරු දසුනකි. ෆයිනස් ගස් දෙක අතර සාදා ගත් කුඩා තාවකාලික කූඩාරම තුල ලංතෑරුමක් එල්ලා එහි එලියෙන් රාත්‍රී කෑම පිලියෙල කර ගත්තේ මහා වර්ශාව මද්යයේමය. බතක් සහ කරවල ව්‍යංජනයක් පරිප්පුවක් උණු උනුවේ කෑමට ගැනීමට ලැබීම සීතලෙන් බැට කා බඩගින්නේ උන් අපට රාජ භෝජනයක් විනි.
රෑ කෑමෙන් පසු මහ වැස්සටත් සුලගටත් එහා මෙහා පැද්දෙන, සීතලෙන් මිරිකී ඇති කූඩාරම තුලට රිංගාගෙන නින්දට වැටුනේ හෙට උදැහැනැක්කේම මීලග කඳු මුදුනටත් එතනින් එහා ඇති සොදුරු ඉසව්ව බැලීමටත් සිත තුල පාර්ථනා පුරවගනිමිනි.
රාත්‍රීය සුන්දර එකක් වූයේ රාත්‍රීය පුරා පැවති වර්ශාව නිසාවෙන් කිසිදු ආකාරයක විපත්තියක් කූඩාරමට හෝ කදවුරු භූමියට සිදු නොවූ නිසාවෙනි. මීදුමත් සීතලත් එලෙසමය. නටන තෙක් රත් කර ගත් උණු වතුර එකකට යහමින් තේ කුඩු යොදා සාදා ගත් තේ පානයට ඉගුරු රසයකුත් එකතු වී තිබීම උදෑසන කඳු මුදුන රසින් රස ගන්වා තිබුනි. උණු උණුවේම උගුරට දෙකට තේ පානය කල අප අඩියට දෙකට මීලග කඳු මුදුන දෙසට පිය නැගුවේ කඳු පහල ඉසව්ව පුරා පැවති ඝණ වළාකුළු සහ මීදුම් තට්ටුව මදක් අඩු වී තිබූ නිසාවෙනි.
මද දුරක් ගමන් කල අප නතර වූයේ මහා ප්‍රපාතයක ඉහල දාරයේ කෙලවරට වන්නටයි. එතැන සිට ලංකාවේ දෙවැනියට උසම දිය ඇල්ල වන කුරුදු ඇල්ල හොදින් දැක බලා ගත හැකිය. ඉන් ගලා ආ දිය දහරාව තද දුඹුරු පැහැයකට ගෙන තිබුනේ අප පසු කොට ආ දින කිහිපයේ පැවතුනා වූ වර්ශාව පිළිබදව තතු කියමිනි.
එතැන සිට පහල බැලූ කල දිස් වන්නේ තවත් ප්‍රසිද්ධ වූ කඳු මුදුනකි. කොතලගල නමින් නම් කොට ඇති ගලක් මත ගලක් තිබෙන සේ රැදි ඇති කඳු මුදුනකි. එය යම් කලෙක මිනිසුන් විසින් හෝ යම් කිසි ග්රෝත්රයක් විසින් ගල් උගුලක් ලෙස හෝ සංකේතයක් ලෙසට හෝ වන්දනා මාන කිරිමට හෝ යොදා ගත් තැනක් වේ දැයි ඒ දෙස බලන අයෙකුට හැගේ. කෙසේ වෙතත් අප හට ඇති එකම නිර්වචනය නම් "මේ සියල්ල සොබාදහමේ නිමැවුම්" යන්නයි.
කඳු මුදුනේ පැයක හමාරක් ගත කල අප නැවතත් කූඩාරම් අකුලාගෙන මහ වැස්සේම පල්ලම් බැස්සේ වලපනේ කේන්ද්‍ර කර ගත් තවත් ගමනාන්තයකට යාමට පිඹුරුපත් සකස් කරමිනි.
ආයුබෝවන් මම දිනේෂ්.
Join us as we camp in the misty pine forests of Walapane, where tall trees were hidden in thick fog and heavy rain. The fresh, earthy scent of wet pine needles filled the air as we cooked warm, comforting meals and enjoyed hot tea to keep us cozy. The rain created a peaceful atmosphere, and as the night passed, the morning greeted us with clear skies, crisp air, and the beauty of a forest refreshed by the rain. It was a magical escape surrounded by nature’s raw beauty. I hope you will enjoy the video
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - https://www.instagram.com/dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2024]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“