අකුරු එකින් එක ගලපා වචන ද වචන ගලපා නේක විෂයීය දැනුම ද ගෙන විභාගයට ද වාඩිවෙන උසස් පෙළ දරුවන්ට හීනයක් ඇත. ඒ හීනය හෙට ලොව රජ කිරුළු දරනු රිසි වූවක් නොව. අහිංසක දෙමාපියන්ගේ ආදරයේ කැපකිරීම් වෙනුවෙන් තුටු පඬුරක් ලෙසින් ද සිය ජීවිතයේ පරමාර්ථයන් වෙනුවෙන් ද සරසවි කෝෂ්ටාගාරය වෙත ප්‍රවිෂ්ට වීමය. එහෙත් ඒ සරසවි සිහිනය හැබෑවක් කරගැනීම පහසු නැත. මන්ද ලක්ෂ ගණනකින් දහස් ගණනක් අතරට තේරී පත්වීම වෙනුවෙන් ජීවිතයේ අත්ථකිලමතානු වෘත වඩා තරඟකාරී අධ්‍යාපන රටාව තුළ ඉදිරියට ම යාම අවැසි හෙයින් ය.
එහෙත්;
ජීවිතයේ අප්‍රමාණ වූ වෙහෙසක් දරමින් එකී සිහින සඵල කරගන්නට වෙහෙසෙමින් සිටින අතර තුර අනපේක්ෂිතව සමාජයම සංත්රාසයට පත්කරමින් ජීවිත අවුල් වියවුල් කරමින් පැමිණි කොරෝනා වසංගතය අබිමුවේ ඒ සිහින බොඳවෙන්නට ඉඩ දිය නොහැක.
ඉතින් දස වසක් පුරා නැගෙනහිර පළාතේ සුවහසක් දරුවන්ගේ සරසවි සිහින සැබෑ කළ "අකීකරු සිංහල පන්තියේ" අපි මෙතැන් පටන් සුවහසක් ලාංකේය සිසු දරු දැරියන් ගේ සිහින විකසිත කරනු උදෙසා අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වන්නෙමු. මෙතැන් පටන් මේ අවකාශය සාහිත්‍ය කලාවේත් වියරණ රටාවේත් අපූර්වත්වය ඔබේ මනැසට ගෙනහැර දක්වනු ඇත.