පරමදිට්ඨධම්මනිබ්බාන වාදී දහම් මග නිවැරදිවම අසාදැනගෙන සෝතාවධානේපඤ්ඤාසුතමයේඤාණය සපුරාගැනීමත්, පිළිවෙත් පුරාගනිමින්ධම්මානුධම්මපටිපදාවේ හැසිරීමත් ඒ අනුව මේ ජීවිතකාලය තුළදීම සංසාරදුකින් මිදී නිදහස් වීමත් සුතවත් අරියසාවකයාගේ ඒකායන අධිප්පයාසයයි. ඣානවැඩීම, චේතෝවිමුත්තියට පත්වීම හෝ අභිඤ්ඤා ලැබීම මෙන්ම සිව් බඹවිහරණයෙන් සිත සමථයට පත්කරගැනීම පඤ්ඤා විමුත්තිය නොවන්නේමය. තම තමන්ගේම සිත් තුල උපත ලබන සං කිලේස ධම්මතාවයන් විනිවිදව දැක හඳුනාගනිමින් කෙලෙස් උප්පාදනය කරවන්නට හේතුවන මනසිකාරයන් වළකා ඒවායින් මිදී නිදහස් වන්නටත් අනමතග්ග සංසාර ගමනක පටන් එකතු කරමින් එන සියලු කුණුගති සළාහැර කුසලය පුරාගන්නටත් උපකාර වන මනසිකාරයන් බහුලීකරණය කරමින් ඇස් පනාපිටම නිකෙලෙස් බව අත් දැක ගන්නටත් අනුමනය කළ යුතු අනුගමනීය පටිපදාව අද වන විට නැවත වරක් මජ්ඣිමේසු ජනපදය තුළ දේසනා කරමින් පවතී. පබ්බේ ච කත පුඤ්ඤතා ඇති පතිරූපදේස වාසීන්ට කල්‍යාණමිත්ත සම්පත්තියත් සිරි සද්ධම්මසවනයත් සපුරාගන්නට ලැබෙන්නේ සාසන ධම්මතාවයට අනුවමය.සද්ධා ඉන්ද්‍රිය මතුකරගෙන දස්සනීයං සංවේජනීයං පූරණය කරගන්නා සෑම කෙනෙකුටම අද අදම විමුත්තිය අත් දකින්නට සියලු මගවිවරවී ඇත.